27.8 C
Galle

දරුවන් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

Published:

හතිය රෝගය දරුවන් අතර සීඝ්‍ර ලෙස ඉහළ යමින් වතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වෛද්‍යවරයා පවසන්නේ පසුගිය 11 වැනිදා දරුවන් 12 දෙනකු ඔහුගේ වාට්ටුවට ඇතුළත් කර ඇති අතර ඉන් 06 දෙකු ම හතිය රෝගයෙන් පෙළෙන බවයි.

මෙයට ‍හේතුව කොරෝනා වයිරසයේ බලපෑම ද නැතිනම් වර්ෂාවෙන් පසු ඇතිවන දුහුවිල්ල ද යන්න තවමත් නිශ්චිත නැතැයි ද වෛද්‍ය පෙරේරා කියා සිටියේය.

වෙනත් වෙයිරස රෝගයක් හේතුවෙන් ද මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

“ළමයින් අතර හතිය රෝගය වැඩි වීම ඉතාමත් අහිතකර තත්වයක්. ඇතැම් විට එය ජීවිත අවදානමක් ඇතිවන තත්වයක් දක්වා ම දුරදිග යන්න පුළුවන්. මේ දිනවල කොරෝනා සහ ඩෙංගු රෝගයත් බහුලව පැතිරයන නිසා දරුවන්ගේ රෝගී තත්වයන් ගැන දෙමාපියන් ඉතාමත් සැළකිල්ලක්ක දක්වන්න ඕනේ.” විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!