27.4 C
Galle

තම දරුවාගේ ගෙලට පිහියක් තබා වීඩියෝවක් සෑදූ පියා අත්අඩංගුවට

Published:

තම කුඩා පුතුගේ ගෙලට පිහියක් තබා දරුවාගේ ගෙල කපා මරා දමන බවට තර්ජනය කරමින් සැකසූ වීඩියෝවක් බිරිඳට යැවූ පියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටියේ පදිංචි කරුවෙකි.

ඔහුගේ බිරිඳ මාස තුනකට පෙර විදේශ ගත වී ඇත. බිරිඳට යළි පැමිණෙන ලෙසත් නැතිනම් දරුවාගේ ගෙල ද කපා තමන්ද ගෙල කපාගෙන මියයන බව පවසමින් දරුවාගේ ගෙලට පිහියක් තබා මේ වීඩියෝව සකසා තිබේ. පසුව එම වීඩියෝව ඔහු විසින් බිිරිඳ රැකියාව සඳහා යැවූ නියෝජිතායතනයට යවා එය බිරිඳට යවන ලෙස උපදෙස් දී ඇත.

මේ සිද්ධියට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 05 ක පිරිමි දරුවෙකි. ඔහු පියාගේ තර්ජනයට බිය වී කෑගැසීම හේතුවෙන් මේ කරුණු අනාවරණය වී පොලිසිය පියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ දරුවාගේ බෙල්ලේ සුළු තුවාල කැලලක් පවතින බවයි. දරුවා සිය පියා සමඟ යාම ප්‍රතික්ෂේප කර ඇති අතර මවගේ ඥාති‍යකු සමඟ යාමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

සිද්ධිිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!