31.6 C
Galle

QR කේත ක්‍රමය අද රාත්‍රියෙන් පසු වෙනස් වෙයි ?

Published:

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අද (14) මධ්‍යම රාත්‍රියෙන් පසු කිසියම් වෙනස්කමකට භාජනය විය හැකියැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය 01 වැනි දා සිට QR ක්‍රමයට ඉන්ධන ලබාදුන් අතර අද (14) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉදිරි සතිය සඳහා සෑම දෙනෙකුගේ ම නව ඉන්ධන කෝටාව ලැබීමට නියමිතය.

පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉන්ධන කෝටාවේ ප්‍රමාණය වෙනස් කිරීම හෝ එය ලබාදෙන ආකාරය වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. කෙසේ වෙතත් ඉන්ධන කෝටාව ක්‍රියාත්මක කිරීමත් සමඟ මේ වනවිට ඉන්ධන පිරිවුම්හල්වල පෝළිම් අවසන්ව තිබේ.

එසේ වුව ද QR කේතයට පරිබාහිරව ඉන්දන නිකුත් කරන පිරවුම්හල් පිළිඳව ද රජයේ දැඩි අවධානය යොමුව ඇති අතර ඒ පිළිිබඳ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!