27.9 C
Galle

පාසල් ක්‍රීඩා තරඟාවලියකට ගිය සිසුවෙක් දැදුරු ඔයේ ගිලී මරුට

Published:

පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වී ආපසු එමින් සිටි සිසුවකු දැදුරු ඔයේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගෝනිගොඩ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු රශ්මිත් ජයසූරිය නමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔහු පොල්ගොල්ල , ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි බව ද පොලිසිය කියයි.

ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අන්තර් පාසල් මළල ක්‍රීඩා තරඟාවලියට සහභාගි වීමෙන් පසු  ලොරියකින් නිවෙස් වෙත පැමිණ ඇත. පාසලේ දරුවන් භාරව ගිය ගුරුවරුන් බැස යාමෙන් පසු ඉතිරිවූ අයගෙන් සිසුන් තිදෙනකු සිය නිවෙස්වලට නොගොස් අතරමඟ ලොරියෙන් බැස ගොස් ඇත.  

ඔවුන් මහවෙල පාලම අසළ දී දැදුරු ඔයේ දිය නාමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත. මොවුන් අතරින් දෙදෙනකු දියේ ගිලී ඇතත් එක් අයකු බේරාගැනීමට අවට ගම්වාසීන් සමත්ව ඇත.   

අතුරුදන් වූ සිසුවාගේ සිරුර පසුව සොයාගෙන ඇත.

Related articles

error: Content is protected !!