31.6 C
Galle

රේස් පැද්ද තරුණයෙක් අවසන් ගමන් යයි

Published:

‍කොළඹ බෝකුන්දර ප්‍රදේශයේ මාර්ගයක තරඟයට යතුරුපැදි පදිමින් සිටි තුරණයන් දෙදෙනකුගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මිය‍‍ගොස් තවත් තරුණයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, ගොරකපිටිය පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

අනතුරට ලක්වූ යතුරුපැදි දෙකෙන් එකක් සොයාගත නොහැකි බව පොලිසිය පවසන අතර අනෙක් යතුරුපැදිය බෝකුන්දර ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!