31.6 C
Galle

“අධිකරණයට ලියුම් ලියන්න එපා” ජනාධිපති ලේකම්ගෙන් රජයේ ලොක්කන්ට උපදෙස්

Published:

අධිකරණය සමඟ සෘජුව ලිපි ගනුදෙනු නොකරන්න යැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් ලෙස කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු ‍එම නියෝගයේ සඳහන් කර ඇත.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් , රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම උපදෙස් සඳහන් ලිපියක් අද (15)  ජනාධිපති ලේකම්වරයා විසින් යොමුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!