27.9 C
Galle

දඬුලේනාට, දඬුවම් කරන්න යයි. ජාතික ‍ගෞරවය හැළෙයි ?

Published:

ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම්කර ඇති දඬු ලේනා එම තත්වයෙන් ඉවත්කර ඒ සඳහා වෙනත් සත්වයකු පත්කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වනජීවී සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දඬුලේනා වගාවලට හානි කිරීම සහ ශ්‍රී ලංකාවට ආවේණික සත්වයකු නොවීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බව ද අමාත්‍යවරයා කියයි.

දඬුලේනාගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා එම සත්වයා ජාතික සත්වයා ලෙස නම්කර තිබීම ගැටලුවක් යැයි ද හෙතෙම පවසයි. ශ්‍රී ලංකාවට ආවේණික කොටියාගේ උප විශේෂය හෝ වෙනත් සතකු ජාතික සත්වයා ලෙස නම් කිරීමට හැකි ද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

error: Content is protected !!