31.1 C
Galle

චීන නැව පිළිගන්න රතන, විමල්, වාසු, සරත් හම්බන්තොට යති

Published:

මහත් ආන්දෝලනයට තුඩුදුන් “යුවාන් වෑන්ග් 5” නමැති චීන නෞකාව පිළිගැනීම සඳහා අද (16) අතුරලියේ රතන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කර සහ සරත් වීරසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනා හම්බන්තොට වරායට ගොස් සිටියහ.

ඉන්දියාවේ විරෝධතාව හේතුවෙන් මේ නැව ශ්‍රී ලංකාවට පැමිණීම දින කිහිපයක් ප්‍රමාද වූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු අවසරයක් මත අද (16) පැමිණ තිබිණි.

විමල් වීරවංශ මෙම නැව පිළිගැනීමේ උත්සවයේ කතා කරමින් කියා සිටියේ, චීනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සාදා රාජ්‍ය බිඳ වට්ටන්න කිසිදු අවස්ථාවක දී කටයුත කර නැතැයි ද කීවේය. එමෙන්ම ඇතැම් අය මෙය ඔත්තු සේවා නැවැක් යැයි කීව ද මෙය සන්නිවේදන නැවැක් යැයි තමන් හඳුනාවදෙන බව ද එහි දී හිටපු අමාත්‍යවරයා කීවේය.

අතුරලියේ රතන, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු ති‍දෙනාම නිරන්තරව ම මාධ්‍ය හමුවේ පවසන්නේ කිසිදු විදේශීය බලපෑමකට ශ්‍රී ලංකාව යටත් නොවිය යුතු බවයි.

මෙම නැව ඔත්තුසේවා නෞකාවක් බැවින් එය ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධ විරෝධය දැක්වූ ඉන්දියාව දිගින් දිගටම කියා තිබුණේ මෙම නැවේ ගමන චීනය ලෝකයේ බලය අල්ලා ගැනීමට ගන්නා උත්සාහයේ එක් පියවරක් බවයි.

කෙසේ වෙතත් පුසගිය කාලයේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ පීඩාවට පත් වූ ජනතාවට පිරිනැමිම සඳහා චීනයෙන් විමල් වීරවංශ වෙත ආහාර ද්‍රව්‍ය තොගයක් ද ලබා දී තිබූ අතර ඔහු ඒවා තම පක්ෂය මාර්ගයෙන් බෙදා හැර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!