31.1 C
Galle

තෙල් බවුසර් 3,000ක් දුන්නොත් යල කන්නයේ අස්වැන්න දෙන්නම්

Published:

යල කන්නෙය් වී අස්වනු නෙලීම සඳහා ඉන්ධන බවුසර් 3020ක තෙල් අවශ්‍ය බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර 512,000ක අස්වනු නෙලීම සඳහා මෙම තෙල් ප්‍රමාණ්‍ය අවශ්‍යවන බවයි.

එම තෙල් නිසි පරිදි ගොවීන්ට ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර නිසි සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට වෙන ම නිලධාරියෙක් ද පත්කිරීමට ඔහු අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් දී ඇත.

යල කන්නයේ අස්වැන්න නෙලීම සඳහා ප්‍රමාණවත් සහ  විධිමත් පරිදි ඉන්ධන නොලැබුණහොත් ගැටලු ඇතිවිය හැකි බවට ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි සළකා බැලීමෙන් මේ තීරණය ගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!