30.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 43,339 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,405ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 105කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,086ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,544
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 665
  • බ්‍රවුුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 459

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 52
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 33
  • ඊඑම්එල් කන්සල්ටන්ට් සමාගම කොටස් මිලියන 21

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම 25%
  • ලංකෙම් සිලෝන් සමාගම 24%
  • හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම 21%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හෙළ ක්ලෝතින් සමාගම කොටස් මිලියන 3.76ක් රුපියල් 13.00 බැගින්
  • හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම කොටස් මිලියන 1.36ක් රුපියල් 40.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 290
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 180

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 194ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 57 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 137ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හුන්නස් ෆෝල්ස් හෝටල් සමාග සමාගම රුපියල් මිලියන 54
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 53
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 15

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බයිරහා ෆාර්ම්  සමාගම රුපියල් මිලියන 11
  • වැලිබල් පවර් සමාගම රුපියල් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 3.7

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!