30.5 C
Galle

ලක්ෂ 2050ක රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට

Published:

රුපිල් ලක්ෂ 2050ක වටිනාකමින් යුතු රන්ත්‍රන් තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට තැත්කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව කියයි.

අද (17) උදෑසන ගුවන් මගියකු සහ ගුවන්තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණනයේ සේවිකාවක් ‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසන්නේ රන්ත්‍රන් කිලෝ ග්‍රෑම් 9.5ක් ඔවුන් සන්ත‍කයේ තිබූ බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයයා නිට්ටඹුවේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඩුබායි සිට එමිරේට්ස් යානයකින් කටුනායකට පැමිණ සිටියේය. ඔහුගේ ගමන් මළු තුළ සහ ගුවන්තොටුපොළ සේවිකාවගේ අත් බෑගයේත් රන් බිස්කට් 80ක් සඟවා තිබූ බව රේගුව පවසයි.

Related articles

error: Content is protected !!