31.1 C
Galle

අලුතෙන් බෙහෙත් හැදුවා යැයි සෞඛ්‍ය ඇමතිව රවට්ටලා

Published:

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් පසුගිය 15 වැනි දා උත්සවයක් පවත්වා අලුතෙන් නිෂ්පාදනය කරන ලද ඖෂධ තුනක් හඳුන්වාදීම රජයටත්, අමාත්‍යවරයාට සහ රටේ ජනතාවට කරන ලද බොරුක් යැයි මේ වනවිට බරපතල සැකයක් මතු වී තිබේ.

මේ සඳහා උත්සවයක් ද පැවැත්වූ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ලට ද එම උත්සවය සඳහා ආරාධනා කර තිබිණි

එහි දී තයිරොක්සීන් ඌනතාවට ලබාදෙන ලිවෝතයිරොක්සින් (Levothyroxine) මයික්‍රෝ ග්‍රෑම් 50, ගැස්ට්‍රික් ඇතිවීම වැළැක්වීමට ලබාදෙන ඔමෙප්‍රසෝල් (Omeprazole) මිලි ග්‍රෑම් 20 සහ වේදනා නාශකයක් ලෙස ලබාදෙන මෙෆෙනමකි් ඇසිඩ් (Mefenamic acid) මිලි ග්‍රෑම් 50 ඖෂධ නව නිෂ්පාදන ලෙස එළැදැක්විණි.

එසේ වුව ද මේ වනවිට අනාවරණය වී ඇත්තේ එම ඖෂධ තුනෙන් දෙකක් කලින් වෙළෙඳ පොළට මේ ආකාරයෙන් ම උත්සව තබා හඳුන්වා දී ඇති බවයි. එක් ඖෂධයක් හඳුන්වාදීමේ උත්සවයට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි සහභාගී වී ඇති අතර අනෙක් ඖෂධය හඳුන්වාදීමේ උත්සවය සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා‍ ලෙස චන්න ජයසුමන සහභාගී වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!