ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලද බ්‍රිතාන්‍ය ජාතික Kayleigh Fraser නමැති කාන්තාව තමන් නැවතී සිටි ස්ථානයෙන් පළා ගොස් අතුරුදන්ව ඇතැයි ද ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
අගෝස්තු 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකාවෙන් පිටවී යන ලෙස දැනුම් දෙමින් ඇයගේ වීසා බලපත්‍ර අවලංගු කිරීමට අධිකරණය කටයුතු කළේය. එම තීන්දුව අභියෝගයට ලක්කරමින් ඇය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ද එය විභාගයට නොගෙන ඉවත දැමිණි.
මේ අනුව කෙයිල් ෆ්‍රෙසර් අගෝස්තු 15 රටින් පිටවිය යුතු වුව ද ඇය මෙරට තුළ සැඟව සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
ගාලු මුවදොර විරෝධතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද අදහස් දැක්වීම් හේතුවෙන් ඇය මෙරටින්න පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.


