30 C
Galle

දරුවකු ඔසවා ඇළට විසිකළ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට

Published:

කුඩා දරුවකු ඔසවා ඇළකට විසිකළ බවට සැකපිට ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.

ඇළක අලියෙකු නාවන ආකාරය බලමින් වයස අවුරුදු 08ක් වූ දරුවකු ඇළ ඉවුරේ රැඳී සිට ඇත. මෙම ග්‍රාම නිලධාරීවරයා  අධිික බීමතින් පැමිණ ඇති අතර දරුවා ඔසවා ඇළට විසිකර තිබේ. අවට සිටි පුද්ගලයන් විසින් දරුවා බේරාගෙන ඇති අතර ඔහුගේ අස්ථි බිඳීමක් සිදුව ඇතැයි වෛද්‍යවරු පවසයි.

පොලිසිය විසින් මෙම සිද්ධියට සැකපිට අදාල ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගහවෙළ උඩපොළ ග්‍රමා නිලධාරීවරයාය. ඔහු 54 වැනි වියේ පසුවෙයි.

පොලිසිය පවසන්නේ අද (18) ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!