32.2 C
Galle

22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

Published:

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිතය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසන්නේ එම තීන්දුව තමන් වෙත ලැබී ඇති බවයි.

එම සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශව කිහිපයක් විසින් අධිකරණයට පෙත්සම් ගොනුකර තිබිණි. එම පෙපත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණිනි. එහි තීන්දුව කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

අද (06) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වී සවස 5.30 දක්වා පැවැත්වෙන අතර ආරම්භයේ දී ම කතානායක විසින් මේ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related articles

error: Content is protected !!