30.9 C
Galle

මාමාගේ පොරෝ පහරින් බෑණාගේ දිවි තොර වෙයි

Published:

මාමණ්ඩිය විසින් පොරොවකින් පහර දී බෑණා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවන බව පුස්සැල්ලාව ‍පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුස්සැල්ලාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සිය බිරිඳගේ පියා සමඟ ඇති වූ බහින්බස්වීමක් අතරතුර මාමණ්ඩිය විසින් පොරවකින් පහර දී ඇති බව පොලිසිය පවසයි.

ඉහළගම ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (06) මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!