32.2 C
Galle

22 වැනි සංශෝධනයට සිදුවන දේ

Published:

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

එසේ සංශෝධනය නොකරන්නේ නම් 2/3ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ව්‍යවස්ථා ස‍ංශෝධනය සම්මත කළ යුතු යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනුකර තිබිණි. එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව එහි තීන්දුව කතානායකවරයාට දැනුම් දී තිබිණි.  

Related articles

error: Content is protected !!