32.2 C
Galle

අම්බලන්ගොඩ පාසලකට බියර් ගෙන ආ 08 වසරේ සිසුවිය යහළුවන්ටත් පොවලා

Published:

අම්බලන්ගොඩ ප්‍රසිද්ධ පාසලක 08 වසර සිසුවියක් පාසල් වේලාවේ දී තවත් සිසුන් අට දෙනකුට බියර් පෙවූ පුවතක් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් සිසුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව පාසල් බලධාරීන් විසින් සොයා බැලීමේ දී එය සත්‍ය්‍යක් බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් පාසල් පැමිණෙන සිසුවියක් මෙලෙස පාසලට බියර් රැගෙන ආවේ කෙසේ ද යන්නත් ගුරුවරුන්ට නොදැනෙන්නට අනෙක් සිසුන්ට බියර් පානයට දුන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ ද දැඩි අවධානයක් යොමු ඇතැයි ද වාර්තා වේ. දෙමාපියන් පවසන්නේ පාසලට ගෙනවිත් ඇත්තේ බියර් නොව වයින් වර්ගයක් බවයි. විදේශගත වී සිටි පියා පැමිණි පසු පන්තියේ යහළු යෙහෙළියන් මොනවා හෝ දෙන්න යැයි කරන ලද ඉල්ලීමක් හේතුවෙන් නිවසේ තිබූ බෝතලක් ගෙනවිත් දුන් බවයි.

Related articles

error: Content is protected !!