30.9 C
Galle

පොලිස් මුර පොළක තිබූ ත්‍රිකුණාමලය දෙමළ සෙල්ලිපිය අතුරුදන්

Published:

ත්‍රිකුණාමලය සංඝමිත්තා විශ්‍රාම ශාලා භූමියෙන් හමු වූ දෙමළ භාෂා සෙල්ලිපිය පොලිස් මුරපොළ බාරයේ තිබිය දී අත්රුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2017 වර්ෂයේ දී ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යාමේ දී මේ සෙල්ලිපිය හමු වී තිබිණි. දෙමළ අක්ෂරවලින් ලියා ඇති එය සංඝමිත්තා විශ්‍රාම ශාලාව අසළ ඇති පොලිස් මුරපොළ බාරයට පත්කර ඇත. එම ස්ථානයේ එළිමහනේ තිබූ සේලලිපිය පසුගිය සතියක පමණ කාලයක් ඇතුළත අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ත්‍රිකුණාමලය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ නිරූෂා ප්‍රියදර්ශනී වීරකෝන් පවසන්නේ මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ නො තිබූ බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ද ඇය කීවා ය.

Related articles

spot_img
error: Content is protected !!