32.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 35,254ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,108 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 36කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,330ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,157
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 367
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 260

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 26
  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්  සමාගම 33%
  • දංකොටුව පෝසිලේන් සමාගම සමාගම 28%
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම 24%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාමේ කොටස් මිලියන 7.3 රුපියල් 24.60 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 423
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 276
  • එල්ඕඑල්සී ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 93ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 197ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 104ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 34
  • හේලීස් සමාගම රුපියල් මිලියන 11
  • තලවකැලේ වැවිලිි සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 103
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 42
  • ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!