32.2 C
Galle

දෙහිවල සතුන් වත්තේ ව්‍යාඝ්‍ර මව මියයයි

Published:

දෙහිවල සතුන් වත්තේ දී පැටවුන් තිදෙනකුට උපත දුන් බෙංගාල ව්‍යාඝ්‍ර මව මියගොස් ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“කෙල්ල” නමුන් හැඳුන්වන මෙම ව්‍යාඝ්‍ර ධේනුව වයස අවුරුදු 15ක් පමණ වන බවත් ඇය පැටවුන් තිදෙනාට උප‍ත ලබා දෙන විටත් දරුණු පිළිකාවකින් පීඩා විඳිමින් සිටි බවත් පශු වෛද්‍යවරු කියති.

පසුගිය මාර්තු 05 වැනි දා ඇය තම පැටවුන් තිදෙනා බිහි කළාය. තමන්ගේ රෝගය කොතරම් දරුණු වුව ද පැටවුන්ට ඉතාමත් සෙනෙහස දක්වමින් ඇය කටයුතු කළ බව ද කෙල්ල රැකබලාගත් සේවකයෝ කියති.

2008 වර්ෂයේ දී චීනයෙන් මෙරටට ගෙන ආ එම ව්‍යාඝ්‍ර ධේනුවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු වළ දැමීමට නියමිතය.

Related articles

error: Content is protected !!