32.2 C
Galle

උසස් පෙළ සමතුන්ට රජයෙන් සුබ පණිවිඩයක්

Published:

උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා උසස් පෙළ සමත්ව පෞද්ගලික විශවවිද්‍යාල වෙත යොමුවන සිසු සිසුවියන් සඳහා පොලී හරිත ණය ලබා දීමට රජය තීරණය කර තිබේ.

වසර 4ක් හෝ 5ක කාලයක් සඳහා සිසුන් 6,847 දෙනකු සඳහා මෙම ණය ලබාදෙන අතර එහි පොළිය මහා භාණ්ඩාගාරය විසින් සම්පූර්ණයෙන් ම දැරීමට රජයේ අනුමැතිය හිමි වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබිණි. එහි දී මෙරට ස්ථාපිත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙතින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා අදාල ණය මුදල ලබා දීමට නියමිතය. එහි දී වසර 4ක් හෝ 5ක් වන අධ්‍යයන කාලය සහන කාලයක් වන බවත්, ඉන් පසු එළැඹෙන ඉදිරි වර්ෂ 7ක‍ හෝ 8ක කාල‍යේ දී පාවෙන පොලී අනුපාතය යටතේ සම්පූර්ණ පොලී මුදලත් ණය මුදලත් සිසුන්ට පියවා දැමීමට හැකිවන පරිදි මේ ණය පහසුකම් ලබා දෙයි.

මෙම පහසුකම ලබා දෙන්නේ උසස් පෙළ සමත් නමුත් සරසවි වරම් අහිමි වන සිසු සිසුවියන් වෙනුවෙනි.

Related articles

error: Content is protected !!