32.2 C
Galle

විදේශිකයෝ බිලියන 2.3ක මුදලක් අද කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කරති

Published:

විදේශීය ආයෝජකයන් විසින් අද (07) දිනයේ පමණක් රුපියල් මිලියන 2,298ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර තිබේ. ඒ අනුව මෙම වසර තුළ දී අද දිනය දක්වා විදේශීය ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස රුපියල් මිලියන 4,045ක් ආයෝජනය කර ඇත. මෑත ඉතිහාසයේ දිනක් තුළ වැඩිම මුදලක් ආයෝජනය කළ දිනය ලෙස අද දිනය වාර්තා වෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 34,557ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,082 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 116කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,447ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,492
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 585
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 214

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එම්බී ලීසිං (X) සමාගම කොටස් මිලියන 99
  • එස්එම්බී ලීසිං  සමාගම කොටස් මිලියන 29
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටෙක්ස්ට් ඇග්‍රෝ (X)   සමාගම 23%
  • කෙල්සි ඩිවෙලොප්මන්ට් සමාගම 21%
  • කොලෝනියල් මෝටර්ස් සමාගම 20%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාමේ කොටස් මිලියන 10ක් රුපියල් 225.00 බැගින්
  • කෙල්සි ඩිවලොප්මන්ට් සමාගම කොටස් මිලියන 7.4ක් රුපියල් 24.60 බැගින්
  • කැලණි වැලි වැවිලි සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 125.00 බැගින්
  • සිස්ටෙක් සිලෝන් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 21.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 431
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 273
  • එල්ඕඑල්සී ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 177

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 2,397ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 99ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2,298ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,274
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 16
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • පෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 04
  • ඒසීඑල් කේබල් සමාගම කොටස් මිලියන 02
  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!