32.2 C
Galle

පාසල් සිසුවියක් සමූහ අපයෝජනයට ලක් කළ පෙම්වතා ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට

Published:

බාල වයස්කාර දැරියක සමූහ අප‍යෝජනයට ලක්කළා යැයි සැකපිට ඇගේ පෙම්වතා ඇතුළු තරුණනයන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි.

අපයෝජනයට ලක් වූ බව කියන දැරිය 14 වැනි වියේ පසුවන පාසල් ශිෂ්‍යාවකි. පසුගිය 03 වැනි දා ඇය මෙම සිදුවීමට මුහුණ පා ඇති බව දැරිය සිය මව සමඟ ඊයේ (07) පාදුක්ක පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

දැරිය ලබාදුන් තොරතුරු අනුව පොලිසිය විසින් වයස අවුරුදු 19,20,22 සහ 27 වියේ පසුවන තරුණනයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. දැරිය සිය පෙම්වතා බව කියන තරුණයා අතින් මීට පෙර අවස්ථාවක දී අප‍යෝජනයට ලක්ව ඇති බවත් ඉන් පසු ඔහුගේ මිතරුන් කිහිපදෙනකු ඇය අපයෝජනය කර ඇති බවත් අනාවරණය වන බව පොලිසිය කියයි.

ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව ද අද (08) අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය කීවේය.

අපයෝජනයට ලක් වූ බව කියන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර වාර්තාවක් ලබා ගැනීමට ද නියමිත ය.

Related articles

error: Content is protected !!