30.2 C
Galle

පාර්ලිමේන්තුවේ පිහිටුවන්න යන “ජාතික සභාව” කුමක් ද ?

Published:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද “ජාතික සභාව” යෝජනාව සඳහා ඊයේ (07) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී සියලු දෙනාගේ එකඟතාව හිමිව තිබේ.

රට තුළ පවතින ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය විසඳීම සඳහා මෙය පිහිටුවීමට යෝජනා කෙරිණි.

ජාතික සභාව කතානායකවරයාගේ ප්‍රධාන්තවයෙන් පිහිටුවනු ලබන අතර අගමැතිවරයා, විපක්ෂනායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති.

මීට අමතරව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි නියෝජිතයන් ද ජාතික සභාවට පත්කිරීමට යෝජිතය. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවේ පිහිටුවනු ලබන ජාතික සභාව සාමාජිකයන් 37 දෙනකුගෙන් සමන්විත වෙයි.

පක්ෂ නායක රැස්වීමේ දී “ජාතික සභාව” පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති වී තිබෙන බැවින් එයට අදාළ යෝජනාව ඉක්මණන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද එකඟතාවට එළැඹ ඇත.

Related articles

spot_img
error: Content is protected !!