31.1 C
Galle

කාලයට නොගැලපෙන රජයේ පොදු ලේඛන නවීකරණයට පියවර ගනී

Published:

රජයේ විවිධ කටයුතු සඳහා බාවිතා කරනු ලබන “පොදු ආකෘති” යළි සමාලෝචනය කර වර්තාමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මේ කමිටුව පත්කර ඇති අතර එහි දී විවිධ රාජ්‍ය ආයතන විසින් දැනට භාවිත කරන පොදු ආකෘති 98ක් සමාලෝචනය කිරීමට නියමිතය.

මේ සියලු පොදු ආකෘති රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර රාජ්‍ය ආයතනවලට බෙදාහරිනු ලබයි.

එම කමිටුවේ සභාපතිධූරයට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ. චන්දන කුමාරසිංහ පත්ක ර ඇති අතර, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඩී.එච්.එස්. පුල්ලේපෙරුම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) යූ.අයි.ඩබ්ලිව්. සෙනෙවිරත්න යන දෙදෙනා ද එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.

Related articles

error: Content is protected !!