31.1 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 38,856 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,125 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 104කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,704ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 486
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 475
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 397

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම කොටස් මිලියන 17
  • එස්එම්බී ලීසිං  සමාගම කොටස් මිලියන 15
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 11

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්   සමාගම 25%
  • මුලර්ස් සමාගම 23%
  • එච්.බී.ඒ ෆුඩ්ස් සමාගම 20%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිලියන 3.4ක් රුපියල් 36.50 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් ලක්ෂ 07 රුපියල් 128.00 බැගින්
  • රිචඩ් පීරිස් සමාගම කොටස් ලක්ෂ 10ක් රුපියල් 32.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 464
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 275
  • එල්ඕඑල්සී ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 33ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 343ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 310 මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • යුනියන් බැංකුව රුපියල් මිලියන 05
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 02
  • සෙලාන් බැංකුව (X) රුපියල් මිලියන 01

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 265
  • එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 14
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!