26.5 C
Galle

අනතුරකින් තරුණයන් තිදෙනකු මරුට

Published:

වෑන් රථයක් සහ යතුරුපැදි 03ක් කෑගල්ල, රංවල ප්‍රදේශයේ දී එකිනෙක ගැටීමෙන් තරුණයන් තිදෙනකු මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට මහනුවර දෙසට ප්‍රධාන මාර්ගය ඔස්සේ ධාවනය වූ  වෑන් රථයක් සහ කෑගල්ල සිට කොලඹ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදි තුනකි.

එම අනතුරින් තුල්හිරිය සහ වේයන්ගොඩ ප්‍රදේශවල පදිංචිව සිටි එකම වයසේ මිතුරන් තිදෙනකු මියගොස් ඇති අතර ඔවුන් 27 වැනි වියේ පසුවූවෝ වෙති.

පොලිසිය පවසන්නේ වෑන් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (10) පැවැත්වීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!