26.5 C
Galle

මවක සහ දියණියක කපා කොටා ඝාතනය කරලා

Published:

බදුල්ල, ගැනල්පීන් වත්තේ වතු නිවසක පදිංචිව සිටි කාන්තාවන් තිදෙනකුට අද (10)  තියුණු ආයුධවලින් පහර දී ම හේතුවෙන් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස මියගොස් ඇත්තේ 83 හැවිරිදි වියේ පසුවන මව සහ ඇගේ දියණිය වූ 55 හැවිරිදි කාන්තාවකි. තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින්නේ ද තවත් දියණියක වූ 62 හැවිරිදි කාන්තාවකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කරයි.

Related articles

spot_img
error: Content is protected !!