26.5 C
Galle

සතොස අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි

Published:

සතොස මගින් අළෙවි කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකිරීමට තීරණය කළ බව රජය පවසයි.

ඒ අනුව ආනයනය කරන ලද රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 194.00කට, ආනයනය කරන ලද සුදු සහල් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 185.00කට, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 429.00කට , සුදු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 279.00කට, වටානා පරිප්පු කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 315.00කට, සුදු ලූනු කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 595.00කට සහ හාල්මැස්සෝ කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 1.350.00කට අළෙවි කරන බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

Related articles

spot_img
error: Content is protected !!