26.5 C
Galle

ගල් අඟුරු නොමැති වීමෙන් විදුලි කප්පාදුව පැය 07ක් දක්වා දීර්ඝ වෙයි ?

Published:

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගන්නා ලද සමාගමට එල්ල වී ඇති චෝදනා නීත්‍යානුකූල ලෙස විසඳන තුරු ගල් අඟුරු සැපයීම නොකරන බව දැනුම් දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැටලු සහගත බව සඳහන් කරමින් ඊට එරෙහිව අධිකරණයට පෙත්සම් ගොනුකර ඇත.

ගල්අඟුරු ලැබීම ප්‍රමාද වුවහොත් නොරොච්චෝලේ තාප බලාගාරයේ විදුලි උත්පාදනය ගැටලු සහගත වන අතර ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට දිනකට මෙගා වොට්ස් 900ක විදුලි ප්‍රමාණයක් අහිමිවනු ඇත. එසේ වුවහොත් දිනකට අවම වශයෙන් පැය 07ක් බැගින් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි පැවසේ.

මේ වන විට ජලාශ උපරිම ධාරිතාවේ පවතින බැවින් පැය 07ක් විදුලිය කප්පාදුව ප්‍රමාණවත් වුව ද ගල් අඟුරු ලැබීම තවදුරටත් ප්‍රමාද වුවහොත් විදුලි කප්පාදුව තවත් දීර්ඝ කිරීමට සිදු වනු ඇතැයි වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!