31.1 C
Galle

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරය ප්‍රහාරයක්

Published:

පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් (10) අද සවස කිසියම් පිරිසකගේ පහර දීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ආනමඩුව කොට්ටුකච්චිය ප්‍ර‍දේශයේ වැටලීමක් සඳහා ගිය අවස්ථාවේ දී ය. එම නිලධාරීන් ගොස් ඇත්තේ යතුරුපැදිවලිනි. ඔවුන් සැකකරුවන් දෙදෙනකු යතුරුපැදිවල නංවාගෙන නැවත පැමිණෙමින් සිටිය දී පිරිසක් විසින් මාර්ගය හරස් කර පහර දී  ඇත. යකඩ බටවලින් සහ පොලුවලින් මේ පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනකු රෝහල්ගත කර ඇත. පොලිසිය පවසන්නේ සිද්ධියට අදාලව සැකකරුවන් 06 දෙනකු හඳුනාගෙන ඇති බවයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද ආණමඩුව පොලිසිය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!