26.5 C
Galle

වෑන් රථයක් පෙරළී කාන්තාවක් මරුට, 06 දෙනෙකු රෝහලේ

Published:

කැප්පෙටිපොළ බැලුම්ගල ප්‍රදේශයේ දී ඊයේ (10) රාත්‍රී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් කාන්තාවක මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවකි. ඇය බරපතල තුවාල සහිතව වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර පසු මියගිය බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ආපසු පැමිණෙමින් සිටි රිදීගම ප්‍රදේශයේ පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත. ඔවුන් ගමන් ගත් වෑන් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදු වන්නට ඇතයි පොලිසිය සැක කරයි.

Related articles

spot_img
error: Content is protected !!