27.7 C
Galle

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ

Published:

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව පසුගිය 09 වැනි දා සවස ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මර්ධනකාරී පනත් භාවිතා කරමින් සාමකාමී උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගනිමින් රජය ගෙනයන ඒකාධිපති පාලනයට විරුද්ධව උද්ඝෝෂකයෝ බෙර වයමින්, පහන් දල්වා මෙම විරෝධතාවයේ නිරත වූහ.

ඔවුන් ඉල්ලා සිටින්නේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින උද්ඝෝෂකන් වහා නිදහස් කළ යුතු බවයි. එමෙන් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් ජනතාව මර්ධනය කිරීමට කටයුතු නොකරන ලෙස ද උද්ඝෝෂකයෝ කියා සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!