29.7 C
Galle

ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (14) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 07ක් ගනුදෙනු වූ ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 294ක් වාර්තා කරමින් අද දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 22,228ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1926ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 281ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,796ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 294
  • ජෝන් කීල්ස් සමාගම මිලියන 206
  • ඩිමෝ සමාගම මිලියන 137

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 33
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 11
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්චන්ට් බැංකුව 04%
  • මහවැලි කොකනට් සමාගම 04%
  • රේණුක සිටි හොටෙල් සමාගම 03%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 389
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 324

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 41 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 46ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 05ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 22
  • එච් එන් බී ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05
  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • පික්මී සමාගම රුපියල් මිලියන 31
  • වින්ඩ් ෆෝස් සමාගම රුපියල් මිලියන 03
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!