30.4 C
Galle

අද කොටස් වෙළඳපල

Published:

අද (15) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 07ක් ගනුදෙනු වූ ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 294ක් වාර්තා කරමින් අද දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,451ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1498ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 175ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,971ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා දුම්කොල සමාගම මිලියන 197
  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 96
  • සිංගර් ශ්‍රී ලංකා සමාගම මිලියන 93

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 7.1
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 4.2
  • සිට්‍රස් ලෙෂර් සමාගම කොටස් මිලියන 3.5

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස් එම් බී ලීසින් එක්ස් සමාගම 50%
  • යෝර්ක් ආකේඩ් සමාගම 17%
  • එස් එම් බී ලීසින් සමාගම 11%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 391
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 325

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 44 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 120ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 76ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 12
  • කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 06
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 72
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 28
  • පික්මී සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!