31.1 C
Galle

උඩරට බාල වයස්කාර විවාහයට වැට බඳී, පනත් කෙටුම්පත ගැසට් කරයි

Published:

නිසි බලධාරියකුගේ කැමැත්ත ඇතිව බාල වයස්කරුවන් විවාහ කර දීම සඳහා තිබූ හැකියාව උඩරට විවාහ සහ දික්කසාද සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත්කිරීම සඳහා කටයුතු කරමින් සිටියි

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් නිකුත්කරන ලදී.

එම නව පනත් කෙටුම්පත මගින් උඩරට නීතිය යටතේ සියලුම තැනැත්තන් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18ක් බවට පත්වීමට නියමිතය. මෙම පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය ‍අගෝස්තු මස 01 වැනි දා අනුමැතිය ලැබී තිබූ අතර එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව ඇත.

Related articles

error: Content is protected !!