26.5 C
Galle

මුරකරු ඝාතනය කර වාහනවල පැති කණ්ණාඩි ගලවා ගෙන ගිහින්

Published:

කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ වාහන අළෙවි ආයතනයක මුරකරු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මරා දමා ඇත්තේ 66 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි.

කිසියම් පිරිසක් පැමිණ ඔහුගේ අත් පා ගැට ගසා ඝාතනය කර එම ස්ථානයේ ගාල් කර තිබූ වාහන තුනක පැති කණ්ණාඩි ගලවාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

එම පැති කණ්ණාඩි තුනෙහි වටිනාකම රුපියල් 380,000.00ක් පමණ බව ආයතනයේ හිමිකරු පවසා ඇත.

උදෑසන හිමකරු ආයතනයට පැමිණෙන විට මුරකරු අත් පා ගැටගසා සිටින බව දැක ඇති අතර පරීක්ෂා කිරීමේ දී ඔහු සිටි බව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

Related articles

spot_img
error: Content is protected !!