28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 40,149 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,785 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 108කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,813ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 735
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 367
  • එක්ස්පැක් සමාගම රුපියල් මිලියන 331

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන  41
  • එක්ස්පැක්  සමාගම කොටස් මිලියන 120
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කැලණි කේබල්  සමාගම 24%
  • සියරා කේබල් සමාගම 20%
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම 14%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පැක් සමාගමේ කොටස් මිලියන 15ක් රුපියල් 16.00 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් ලක්ෂ 10 රුපියල් 38.50 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 08ක් රුපියල් 132.00 සහ 133.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් ලක්ෂ 04ක් රුපියල් 59.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 449
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 268
  • එල්ඕඑල්සී ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 236ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 183ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 53 මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 72
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 41
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 14

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 63
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 08
  • සිලෝන් ගාර්ඩියන් සමාගම රුපියල් මිලියන 08

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!