28.3 C
Galle

පොලිස් කාන්තාවන් නාන හැටි බැලූ ඇමති ආරක්ෂක සැරයන් අත්අඩංගුවට

Published:

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ කාන්තා නිලධාරිනියන්ගේ නාන කාමරවලට එබී බැලූ ප්‍රභූ ආරක්ෂක සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම නිලධාරිනයන් නවාතැන් ගෙන සිටින භට නිවසේ නාන කාමරයේ වහළයේ තහඩුවක් ඉවත්කර කිසියම් පුද්ගලයකු ඇතුළතට එබී සිටින බව දුටු කාන්තා නිලධාරිනියන් ඒ බව පොලිස් නිලධාරීන්ට දන්වා තිබේ. පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අල්ලා ගැනීමට තැත් කිරීමේ දී පලා ගොස් ඇත. පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස දිවගොස් නිදහස් මාවතේ දී අල්ලාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු ප්‍රභූ අරක්ෂක ඒකකයට අනුයුක්ත වී සිටින සැරයන් වරයකු බව අනාවරණය වී ඇත.

ඔහු ප්‍රබල අමාත්‍යවරයකුගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටින අයෙකි. නිලධාරිනියන් නාන අවස්ථාවේ ඔහු එම භට නිවස්න අසළ කෙටි තාප්පයට නැග වහළයට ගොඩ වී ඇතැයි ද අනාවරණය වී තිබේ.

ඔහු අල්ලාගත් පොලිස් නිලධාරීන් විසින්ම සැකකරු කුරුඳුවත්ත පොලිසියට බාර දී ඇත.

Related articles

error: Content is protected !!