28.3 C
Galle

රසායනික නැවක දෙවැනියා මුහුදේ දී මරුට, දේහය කරාපිටිය රෝහලට

Published:

රසායනික ද්‍රව්‍ය තොගයක් සිංග්පූරුවෙන් ගොඩබා ස‍ෞදි අරාබිය දක්වා යාත්‍රා කරමින් තිබූ ටිහාමා නමැති නැවක දෙවැනි නිලධාරියා මියගොස් ඊයේ (12) සවස කරාපිටිය ශික්ෂණ රෝලේ අධිකරණ ද්‍යෛ ඒකකයට රැගෙන ආ බව ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඊබ්‍රහිම් රාමදාස් නමැති 30 හැවිරදි වියේ පසු වන ඊජිප්තු ජාතිකයෙකි. සිංගප්පූරුවේ සිට සෞදි අරාබිය දක්වා නැව යාත්‍රා කරන අතරතු ගාල්ල වරායට පැමිණ සිය නිවස බලා යාමට ඔහු සූදානම්ව සිටි බවත් පසුගිය 10 වැනි දා අලුයම ඔහු සිය කාමරයේ මියගොස් සිටි බවත් නැවේ කපිතාන්වරයා හදිසි මරණ පරීක්ෂකවරයාට පවසා තිබේ.
මෙම පුද්ගලයා නැව තුළ මියගොස් ඇති බව ගාල්ල වරායට දැනුම් දීමෙන් අනතුරුව වරාය කළමණාකාරවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව හදිසි මරණ පරීක්ෂකවරයා තවත් වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක් සමඟ නාවික සැතපුම් 10ක පමණ දුරක් මුහුදට ගොස් යාත්‍රා කරමින් තිබූ එම නෞකාවට ගොඩ වී ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකර සිරුර බාර ගෙන තිබේ.
එම මරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයට දැනුම් දීමෙන් පසු හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!