ගාල්ල මාගාල්ලේ දී අද (13) උදෑසන දුම්රියේ ගැටුණු කුඩා ලොරි රථයක් විසි වී ගොස් යතුරුපැදියක ගැටීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු බරපතල තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
බෙලිඅත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන රජරට රැජින දුම්රියේ එම ලොරි රථය ගැටී ඇත්තේ ගාල්ල මාගාල්ලේ ගංගාරාම මාවතේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී ය. බෙහත් ද්‍රව්‍ය රැගෙන යන කුඩා ලොරියක් දුම්රිය පැමිණෙද්දී හරස් මාර්ග ඔස්සේ ධාවනය කර ඇති අතර දුම්රියේ ගැටුණු ලොරිය අඩි 20ක් පමණ විසි වී ගොස් පිටුපසින් නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇත.
යතුරුපැදියේ සිටි පුද්ගලයා මෙම අනතුරින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළබව පොලිසිය කියයි.
ලොරියක් දුම්රියේ හැපී පසෙක සිටි යතුරුපැදිකරුට බරපතලයි
Published:


