26.7 C
Galle

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම තවදුරටත් නෑ

Published:

රාජ්‍ය සේවය සඳහා අත්‍යාවශ්‍ය නොවන බඳවාගැනීම් තාවකාලිකව නතර කිරීමටත්, සේවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව වෙනුවෙන් අතිරික්ත සේවකයන් සිටින ආයතනවලින් සේවකයන් යොදා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මේ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රමේෂ් පතිරණ කීවේය.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් පත්කර ඇති බවයි.

පසුගිය කාලයේ දී රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් 60,000ක පමණ පිරිසට අවශ්‍ය සේවා ස්ථාන ලබාදීම වෙනුවෙන් ද එම කමිටුව කටයුතු කරන ඇතැයි ද අමාත්‍යවරයා කිවේය.

Related articles

spot_img
error: Content is protected !!