බිත්තර හා කුකුළු මස් හිඟයක් ඇතිවෙමින් පවතින බව එම කර්මාන්තකරුවෝ කියති.
ඔවුන් මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී ය.
2021 වර්ෂයේ දී කිකිළියන් 80,000ක් ආනයනය කර ඇතත් 2022 වර්ෂයේ දී ආනයනය කළ කිකිළියන් සංඛ්‍යාව 7,000ක් තරම් අඩු සංඛ්‍යාවක් බව ද කර්මාන්තකරුවෝ කියති.
2022 අප්‍රේල් මාසයේ දී මෙරට කුකුළ මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් සහ බිත්තර මිලියන 220ක් වූ බවත් එය ජූලි මාසයේ දී කුකුළු මස් මෙට්‍රික් ටොන් 18ක් සහ බිත්තර මිලියන 164ක් දක්වා අඩු වී ඇතැයි ද ඔවුහු පවසති.
රසායනික පොහොර තහනම හේතුවෙන් සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ප්‍රමාණළුත් නොවීම, ආදේශකවල මිල ඉහළ යාම නිසා කුකුළන් සඳහා අවශ්‍ය ආහාර නිසි පරිදි නොලැබීයාමත් මීට හේතුවක් බව කර්මාන්තකරුවන් පෙන්වා දෙන කරුණු අතර වෙයි.


