26.7 C
Galle

සීදූවේ විහාරාධිපති හිමි ඝාතනය කරලා

Published:

සීදූවේ විහාරස්ථානයක කුණු වී දුඟඳ හමමින් තිබූ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.

මුහුණ කට බැඳ දමා තිබූ එම මළ සිරුර වෑත්තෑව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඩගමුවේ මාහානාම හිමියන්ගේ (55) බව අනාවරණය වී ඇත. පොලිසිය සැක කරන්නේ මෙය ගෙල සිරකිරීමන් කරන ලද ඝාතනයක් විය හැකි බවයි.

එම විහාරස්ථානයේ 18 හැවිරිදි තවත් හිමිනමක් සිටි බවත් මේ වන විට එම හිමියන් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ. විහාරස්ථානයේ හිමිවරු පෙනෙන්නට නැති බවත් ආවාස ගේ ඇතුළතින් දුර්ගන්ධයක් එන බවටත් අසල්වාසීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව  පොලිසිය කරන ලද සෝදිසි කිරීමේ දී මළ සිරුර සොයා ගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!