28.3 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 37,030 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,096 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 165කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,914ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 842
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 257
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 246

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 32
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්  සමාගම කොටස් මිලියන 08
  • සමූපකාර රක්ෂණ සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පැරගන්  සමාගම 24%
  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 24%
  • ඔෆීස් ඉක්‍යුප්මන්ට්ස් සමාගම 23%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • ඩයලොග් සමාග‍ම කොටස් මිලියන 03ක් රුපියල් 8.80 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 249,000 රුපියල් 135.00 බැගින්
  • රෝයල් සෙරමික් සමාගම කොටස් ලක්ෂ 10ක් රුපියල් 40.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 2.95ක් රුපියල් 230.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 443
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 192

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 830ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 156ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 674 මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 739
  • සීඅයිසී පොහොර සමාගම රුපියල් මිලියන 20
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 35
  • ප්‍රීමා සමාගම රුපියල් මිලියන 29
  • එයිට්කන්ට් ස්පෙන්ස් හොටෙල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 22

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!