28.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකය ඒකක 10,000 ඉක්මවයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 43,681 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,330 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 158කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,072  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,086
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 598
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 401

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 15
  • එච්එන්බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 25%
  • නේෂන් ට්‍රස්ට් බැංකුව (X) 24.8%
  • එච්.බී.එස්.සී සමාගම 24%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස්  මිලියන 3.76ක් රුපියල් 230.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 280,000 රුපියල් 150.00 බැගින්
  • රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 3.4ක් රුපියල් 27.60 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 2.7ක් රුපියල් 39.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 442
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 257
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 209

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 1,070ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 277ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 793 මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 945
  • බලංගොඩ වැවිලි සමාගම රුපියල් මිලියන 18
  • හේලීස් සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 100
  • ලයන් බෲවරි රුපියල් මිලියන 20
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 18

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!