30 C
Galle

පන්තියේ සිසුවාට අතවර කළ ගුරුතුමියට ඇප

Published:

තම පන්තියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සිප වැළඳ ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටි පාසල් ගුරුවරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය න‍ියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ පන්තියක් භාරව කටයුතු කළ ගුරුවරියකි. ඇය 42 හැවිරිදි තිදරු මවකි.

එම ගුරුවරියගේ අතවරයට ලක්වූ බව කියන සිසුවාගේ මව සහ පියා විදේශගතව සිටින බැවින් ඔහු තම පුංචිඅම්මාගේ නිවසේ නතර වී පාසල් පැමිණ ඇත. පසුගිය නොවැම්බර් මස 05 වැනි දා පුංචි අම්මා නිවසේ නොමැති අවස්ථාවක දී ගුරුවරිය එහි පැමිණ ඇත. පුංචිඅම්මා නිවසට පැමිණෙන විට සැකකාර ගුරුවරිය සාලයේ පුටුවක් මත වාඩි වී සිසුවා වැළඳගෙන ඔහුගේ මුහුණ සිප ගනිමින් සිටි බව පුංචි අම්මා පවසයි. ඒ පිළිබඳ විදේශයක සිටින තම සොයුරියට දුරකථනයෙන් දැනුම් දුන් බව ද පුංචි අම්මා පවසයි.

සිසුවාගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේ දී ගුරුවරිය විසින් ඔහුට ලිංගික ආශාවන් ඇතිවන ආකාරයේ වට්ස්ඇප් පණිවිඩ එවා ඇති බව ද අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු දැනගත් වහාම ශ්‍රී ලංකාවට පැමිණි මව මේ ගැන හොරණ අධ්‍යාපන කලාප කාර්යාලයට සහ මොරගහහේන පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව සැකකාර ගුරුවරියට වෙනත් පාසලකට ස්ථානමාරුවක් ලබාදීමට කලාප කාර්යාලයෙන් කටයුතු කර තිබිණි.

පොලිසියට ලැබුණු පැමිණිල්ල අනුව මූලික විමර්ශනයක් සිදුකර ගරුරවරිය පොලිසියට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය. ඊයේ (09) දක්වා රිමාන්ඩ් කර සිටි ඇයට ඇප නියම කිරීමට කටයුතු කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු යැයි ද අවවාද කළේය.

Related articles

spot_img
error: Content is protected !!