28.3 C
Galle

කාන්තාවන්ගේ යතුරුපැදි ඉලක්ක කරගත් සොරකමක් අනාවරණය වෙයි

Published:

කාන්තාවන් විසින් භාවිතාකරන යතුරුපැදිවල කැබිය විවෘත කර මුදල් සහ ජංගම දුරකථන සොරාගැනීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් වාර්තා වේ.

මෙහි නවතම සිද්ධිය වාර්තාවන්නේ අනුරාධපුරයෙනි. අනුරාධපුර නගරයේ දී පසුගිය 08 වැනි දා මෙවැනි සොරකම් සිදුකරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අනුරාධපුර වන්නියන්කුලම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

උසාවිය, බන්ධනාගාරය, පාසල්, පෙරපාසල් අසළ ගැවසෙමින් කාන්තාවන් යතුරුපැදිය නතර කර ගිය විට ව්‍යාජ යතුරක් යොදා එහි කැබිය විවෘතකිරීමට ඔහු කටයුතු කර තිබේ. එලෙස පැහැරගත් ජංගම දුරකථන කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයාගත් බව ද පොලිසිය පවසයි.

මෙවැනි පුද්ගලයන් සියලු නගරවල ගැ‍වසෙන බැවින් තම යතුරුපැදිවල ආරක්ෂාව සහ යතුරුපැදි කැබියේ මුදල් සහ වටිනා උපකරණ තබායාමේ දී වඩාත් සැළකිලිමත් වන ලෙස ද පොලිසිය ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!