28.3 C
Galle

සුපිරි රථයක් නිසා කොල්ලුපිටියේ දී ත්‍රී රෝද රථ රියදුරකුගේ දිවි අහිමි වෙයි (වීඩියෝ සහිතයි)

Published:

කොල්ලුපිටිය, ගාලුපාරේ දී අද (10) අලුයම 4.30ට පමණ සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අධික වේගයනේ ධාවනය වූ මෝටර් රථයක් ත්‍රී රෝද රථයක පිටුපස ගැටීමනේ සිදුවූ අනතුරින් ඔහු එම ස්ථානයේ දී ම මියගොස් ඇත.

පොලිසිය පවසන්නේ එම මෝටර් රථයේ රියදුරාට වේගය පාලනය කරගැනීමට නොහැකිව ත්‍රී රෝද රථයේ පිටුපස ගැටී අනතුරුව එම ස්ථානයේ වෙළෙඳ ‍සැළක් ඉදිරිපිට තිබූ කණුවක ද ගැටී පඩියකින් උඩට විසිවී එම රථය නතර වී තිබුණු බවයි.

අධි සුඛෝපභෝගී එම රථයේ රියදුරු අසුන අසළ තිබී මත්පැන් බෝතල් කිහිපයක් සහ ආහාර ද්‍රව්‍ය සොයාගත හැකි වූ බව ද පොලිසිය පවසයි. එහි රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

error: Content is protected !!